කොළඹට ජලය එන ප්‍රධාන නලයක් ගැලවෙයි

කොළඹට ජලය එන ප්‍රධාන නලයක් ගැලවෙයි

අයහපත් කාලගුණික තත්ත්වය සමග කලටුවාව ජාල පවිත්‍රාගාරයේ සිට ක්‍රියාත්මක වන ප්‍රධාන ජල නල සැපයුම් මාර්ගයක කොටසක් ගැලවී ගොස් ඇති බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය නිවේදනය කරයි.

ඒ අනුව උදෑසන 6 සිට 9 දක්වාත්, සවස 5 සිට රාත්‍රී 9 දක්වාත් ප්‍රදේශ කිහිපයකට අඩු පීඩන තත්ත්වය යටතේ ජල සැපයුම සිදුකරන බව ජල සම්පාදන මණ්ඩලය වැඩිදුරටත් පවසයි.

ගලගෙදර, පාදුක්ක, ගොඩගම, හෝමාගම, පන්නිපිටිය, රුක්මල්ගම, පැලැන්වත්ත මත්තෙගොඩ, මහරගම, බොරලැස්ගමුව සහ පැපිලියාන ප්‍රදේශ වලට මෙලෙස අඩු පීඩන තත්ත්වයක් යටතේ ජලය සැපයෙනු ඇත.

ආරක්ෂක අංශ සහ අනෙකුත් පාර්ශ්වවල සහායෙන් බිඳ වැටී ඇති ප්‍රධාන ජල නළය කඩිනමින් යථාතත්ත්වයට පත් කිරීමට මේ වනවිටත් පියවර ගෙන ඇති බව ද අදාළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වෙයි