ස්පා තෙරපිවරියන්ට පුහුණුවක් හා ලියාපදිංචි සහතිකයක්

ස්පා තෙරපිවරියන්ට පුහුණුවක් හා ලියාපදිංචි සහතිකයක්

ආයුර්වේද පනත ගෙන ඒමෙන් පසු සම්බාහන ආයතනයන් විධිමත් කර එහි සේවය කරන වෘත්තිකයන්ට තාක්ෂණික පුහුණුවක් දී ආයුර්‌වේද වෛද්‍ය සභාව තුළ ලියාපදිංචිය ලබා දීමට කටයුතු කිරීමට බලාපොරොත්තුත වන බව දේශීය ‌වෛද්‍ය රාජ්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි පවසයි.

දැනට රට පුරා විසිරී තිබෙන ස්පා නැතහොත් සම්බාන මධ්‍යස්ථාන පවත්වාගෙන යන්නේ ආයුර්වේද දෙපාර්තමේන්තුවේ හෝ දේශීය වෛද්‍ය අමාත්‍යංශයේ නිල අවසරයකින් තොරව බවද ඇමතිවරයා කියයි.

සම්බාහන මධ්‍යස්ථාන ලියාපදිංචිය ලබා ඇත්තේ දේශීය වෛද්‍ය අමාත්‍යංශයේ අධීක්ෂණයකින් තොවර බැවින් මෙ වන විට මෙම සම්බාහන ආයතන දේශිය අමාත්‍යංශය හෝ ආයුර්වේද දෙපාර්තමේන්තුවේ කිසිදු සබඳතාවක් නොමැති බව ඇමතිවරයා හෙළි කරයි.

අයුර්වේද චිකිත්සාව තුළ භාවිත වන පංචකර්ම චිකිත්සාව යොදාගනිමින් සම්බාහන මධ්‍යසථානයන් පවත්වාගෙන යන අතර මේ වන විට එය ආයුර්වේද චිකිත්සව අයාලේ යන තැනකට පත්කර ඇතැයිද ඇමති ජයකොඩි පවසයි.

Share This