සූරියවැව ප්‍රාදේශීය ලේකම් 50,000ක අල්ලසක් ගනිද්දී මාට්ටු

සූරියවැව ප්‍රාදේශීය ලේකම් 50,000ක අල්ලසක් ගනිද්දී මාට්ටු

සූරියවැව ප්‍රාදේශීය සභාවේ ලේකම්වරයා රුපියල් 50,000ක අල්ලසක් ගනිද්දී අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් අද (07) ප්‍රාදේශීය සභාව තුළදීම අත්අඩංගුවට ගෙන ඇත.

ඒ කොරෝනා සමයේ පොළ බදු ලෙස අයකර තිබූ රුපියල් ලක්ෂ 24කට වැඩි මුදලකට අදාළ චෙක්පත නිකුත් කිරීමට අල්ලසක් ලබාගැනීමේදීය.

සූරියවැව වෙළෙඳපොළ පවත්වා ගෙන යන කොන්ත්‍රාත්කරුගේ මුදලක් මුදාහැරීම සඳහා ඔහු විසින් රුපියල් ලක්ෂයක මුදලක් ඉල්ලා ඇති අතර එය 50,000කට අඩු කර ලබා ගනිද්දී මෙසේ අත්අඩංගුවට ගෙන ඇත.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ එහි ලේකම්වරයා ලෙස කටයුතු කළ එච්.කේ. අබේනායක නැමැත්තෙකි.

සැකකරු අද හම්බන්තොට මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

Share This