ශ්‍රී ලංකාවට තරගාවලි ජයක්

ශ්‍රී ලංකාවට තරගාවලි ජයක්

ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්තානය අතර පැවති තරඟ තුනකින් සමන්විත එක්දින තරගාවලිය තරඟ 2-1ක් ලෙස ජයගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්විය.

තරගය හම්බන්තොට, සූරියවැව ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වුණි.

තරගයේ කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් ඇෆ්ගනිස්තාන කණ්ඩායම පන්දු ඕවර 22.2කදී සියලුදෙනා දැවී රැස්කළේ ලකුණු 116කි.

පන්දුවට පහරදීමේදී ඇෆ්ගනිස්තාන කණ්ඩායම වෙනුවෙන් Mohammad Nabi ලකුණු 23 ක් හා Ibrahim Zadran ලකුණු 22 ක් ලබා ගත්තේය.

ශ්‍රී ලංකාව වෙනුවෙන් පන්දු යැවීමේදී දුෂ්මන්ත චමීර ලකුණු 63කට කඩුලු 4ක් දවාගත් අතර වනිඳු හසරංග ලකුණු 7ට කඩුලු 3ක් දවා ගත්තේය.

ඒ අනුව, ජයග්‍රහණය සඳහා අවශ්‍ය ලකුණු ප්‍රමාණය එක කඩුල්ලක් පමණක් දැවී පන්දු ඕවර 16කදී ලබාගැනීමට ශ්‍රී ලංකාව සමත් විය.

පැතුම් නිස්සංක පන්දු 34කදී ලකුණු 51ක් රැස්කළ අතර දිමුත් කරුණාරත්න නොදැවී ලකුණු 56යි.