අන්තර්ජාලය හරහා වැරදි කරන අයට එරෙහි පනත් කෙටුම්පත ගැසට් ‍කෙරේ

අන්තර්ජාලය හරහා වැරදි කරන අයට එරෙහි පනත් කෙටුම්පත ගැසට් ‍කෙරේ

අන්තර්ජාලය හරහා සිදු කරන අසත්‍ය තොරතුරු ප්‍රචාරය හා ද්වේශසහගත හැසිරීම් වැළැක්වීම සඳහා මාර්ගගත (online) ක්‍රමවල පනත් කෙටුම්පත ගැසට් කර තිබෙනවා.

එම ගැසට් පත්‍රය නිකුත් කර ඇත්තේ මහජන ආරක්‍ෂක අමාත්‍යවරයා විසින්.

එම පනතෙන් වැරදි වශයෙන් පහත දේවල් අර්ථ නිරූපණය කර තිබෙනවා.

* ශ්‍රී ලංකාව තුළ සිද්ධි පිළිබඳ අසත්‍ය ප්‍රකාශ සන්නිවේදනය කිරීම

* අපහාසයට හේතුවන අසත්‍ය ප්‍රකාශ සිදු කිරීම

* අසත්‍ය ප්‍රකාශයක් මගින් කැරලි ගැසීමක් සිදු කිරීම සඳහා නිකරුනේ ප්‍රකෝප කිරීම

* අසත්‍ය ප්‍රකාශයක් මගින් ආගමික රැස්වීමකට බාධා කිරීම

* ආගමික හැඟීම් වලට රිදවීමේ ඒකාන්ත චේතනාවෙන් අසත්‍ය ප්‍රකාශයක් සන්නිවේදනය කිරීම

* ආගමික හැඟීමක් නග්‍රහයට පාත්‍ර කිරීම සඳහා ඒකාන්තයෙන් සහ ද්වේශසහගත ලෙස අසත්‍ය ප්‍රකාශයක් සන්නිවේදනය කිරීම
* වංචා කිරීම, අනෙකෙකු ලෙස පෙනී සිටිමින් වංචා කිරීම

* සාමය කඩ කිරීමක් සිදු කිරීම සඳහා ප්‍රකෝප කරවීමේ චේතනාවෙන්ම අසත්‍ය ප්‍රකාශයක් මගින් චේතාන්විතව ම නින්දා කිරීම

* කැරැල්ලක් හෝ රජයට විරුද්ධව වරදක් ආදිය සිදු කිරීමට සැලැස්වීමේ චේතනාවෙන් අසත්‍ය ප්‍රකාශයක් සංසරණය කිරීම

* හිරිහැර සිදු කිරීම සඳහා සිද්ධි පිළිබඳ ප්‍රකාශ සන්නිවේදනය කිරීම

* ළමා අපයෝජනය, වරදක් සිදු කිරීම සඳහා බොට් සෑදීම හෝ වෙනස් කිරීම