ජෝ බයිඩන් බිම අද වැටෙයි

ජෝ බයිඩන් බිම අද වැටෙයි

අමෙරිකාවේ කොලරාඩොහි පැවති ගුවන් හමුදා උපාධි ප්‍රදානෝත්සවයක් අතර තුර අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් පය පැටලී බිම ඇද වැටී තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ එම උත්සව අවස්ථාවේ උපාධිය ලැබු ශිෂ්‍යභට නිලධාරීන් 921 දෙනෙකුට හට අතට අත දී යළි වේදිකාවෙන් පිටව යන අවස්ථාවේ දී ජනාධිපතිවරයා වේදිකාව මත ඇද වැටී ඇති බවයි.

කෙසේවෙතත් බිම ඇද වැටීමෙන් ජනාධිපතිවරයාට කිසිදු තුවාලයක් සිදුව නොමැත.

ජෝ බයිඩන් දැනට අමෙරිකාවේ වයස්ගතම ජනාධිපතිවරයා වන අතර, ඔහු මේ වන විට 80 හැවිරිදි වියේ පසු වේ.

මීට පෙර අවස්ථාවකදී ද අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් බිම ඇද වැටීමේ සිද්ධීන් වාර්තා විය.

Share This