කොල්ල කෑ භාණ්ඩ නැවත වෙළඳ සැලටම ලබාදී පිටව ගිය කොල්ලකරු (Video)

කොල්ල කෑ භාණ්ඩ නැවත වෙළඳ සැලටම ලබාදී පිටව ගිය කොල්ලකරු (Video)

ඕස්ට්‍රේලියාවේ භාණ්ඩ අලෙවිසැලක් මංකොල්ලකෑම සඳහා පැමිණි පුද්ගලයෙකු කොල්ල කෑ භාණ්ඩ නැවත ලබාදී පිටව යන අයුරු දැක්වෙන වීඩියෝවක් සමාජ මාධ්‍ය ජාල වෙත මුදා හැර තිබේ.

CCTV දර්ශනවල සටහන්ව ඇත්තේ කොල්ලකෑ භාණ්ඩ කිහිපයද රැගෙන ඔහු අලෙවිසැලෙන් පිටවීමට දොර සොයා ඉදිරියට දුව යන අයුරුයි.

එය අගුලු දමා ඇති බව දැක ඔහු නැවත පැමිණ ඉදිරිපස කවුන්ටරයේ සිටි සේවකයාට කොල්ලකෑ භාණ්ඩ ආපසු ලබාදී පිටව යන අයුරුද එහි දැක්වේ.

 

Share This