යුද හමුදා සෙබෙලෙක් අභිරහස් ලෙස මිය යයි

යුද හමුදා සෙබෙලෙක් අභිරහස් ලෙස මිය යයි

ප්‍රියංකරගම, අධිරාණිගම ප්‍රදේශයේ නිවසක තනිව ජීවත් වූ යුද හමුදා සෙබලෙක් අභිරහස් ලෙස මියගොස් ඇතැයි පොලිසිය පවසයි.

අවුරුදු 31ක් වන පනාගොඩ යුද හමුදා කඳවුරේ සේවය කළ සෙබෙලෙක් මෙසේ ජීවිතක්ෂයට පත්ව තිබේ.

ඔහු මීට දින කිහිපයට පෙර නිවාඩු ලබා පැමිණ ඇති අතර පසුගිය 28 වන දා රාත්‍රියේ ඔහු මිතුරන් දෙදෙනෙක් සමග මත්පැන් පානය කර තිබේ.

ඉන් අනතුරුව මිතුරන් දෙදෙනා පිටව ගොස් ඇති අතර නැවතත් ඊයේ සවස්වරුවේ එම නිවසට පැමිණි විටදී සෙබලා මියගොස් ඇති බව දැනගෙන ඒ බව පොලිස් ස්ථානයට දැනුම් දී තිබේ.

Share This