බස් ගාස්තු වල වෙනසක් නැහැ

බස් ගාස්තු වල වෙනසක් නැහැ

ඩීසල් මිල රුපියල් 16.00 කින් පහත දැමුවද බස් ගාස්තු අඩුකිරීමක් සිදුකළ නොහැකි බව සමස්ත ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය පවසයි.

එම සංගමයේ ප්‍රධාන ලේකම් අන්ජන ප්‍රියංජිත් මාධ්‍ය වෙත අදහස් දක්වමින් සඳහන් කළේ, බස් ගාස්තු විශාල ප්‍රතිශතයකින් අඩුකිරීමට නම් ඩීසල් ලීටරයක මිල රුපියල් 310 සීමාවට පැමිණිය යුතු බවයි.

ඩීසල් ලීටරයක මිල රුපියල් 310 සීමාවට පැමිණෙන්නේ නම් බස් ගාස්තු අඩුකළ හැකි බව සඳහන් කළ ලේකම්වරයා රුපියල් 16.00 කින් ඩීසල් ලීටරයක මිල අඩු වුණත් බස් ගාස්තු ජාතික ප්‍රතිපත්තියට අනුව 4% ප්‍රතිශතයක් නොලැබෙන බව සඳහන් කළේය.

ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි රුපියල් 333ක්ව පැවති ලංකා සුදු ඩීසල් ලීටරයක් රුපියල් 16.00කින් අඩුකළ අතර, මේ වනවිට එහි නව මිල දැක්වෙන්නේ රුපියල් 317ක් ලෙසයි.