ලංකා සතොස සහල් වර්ග තුනක මිල පහළ දමයි

ලංකා සතොස සහල් වර්ග තුනක මිල පහළ දමයි

ලංකා සතොස මගින් සහල් වර්ග තුනක මිල අද (30) සිට පහළ දැමීමට තීරණය කර තිබේ.

ඒ අනුව, දේශීය සුදු කැකුළු සහල් මිල රුපියල් 10කින් පහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 165කි.

දේශීය සුදු නාඩු කිලෝවක මිල රුපියල් 7කින් පහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 168කි.

එසේම රතු කැකුළු සහල් කිලෝවක මිල ද රුපියල් 2කින් පහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 137කි.

මෙම මිල ගණන් යටතේ දිවයිනේ ඕනැම ලංකා සතොස ආයතනයක් මගින් අද සිට පාරිභෝගිකයන්ට සහල් ලබා ගත හැකියි.

 

Share This