අංශ කිහිපයක් තවදුරටත් අත්‍යාවශ්‍ය සේවා කරමින් ගැසට් නිවේදනයක්

අංශ කිහිපයක් තවදුරටත් අත්‍යාවශ්‍ය සේවා කරමින් ගැසට් නිවේදනයක්

අංශ කිහිපයක් තවදුරටත් අත්‍යාවශ්‍ය සේවා ලෙස ප්‍රකාශයට පත් කරමින් වැඩබලන ජනාධිපති ලේකම්වරයාගේ අත්සනින් යුතුව අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.

සාමාන්‍ය ජනජීවිතය පවත්වාගෙන යෑම සඳහා අත්‍යවශ්‍ය වන එකී සේවාවන්ට අවහිරයක් හෝ බාධාවන් වියහැකි බව සැලකිල්ලට ගනිමින් එම ගැසට් නිවේදනය නිකුත් කර ඇත.

ඒ අනුව, විදුලි සැපයුමට සම්බන්ධ සියලුම සේවාවන් මෙන්ම ඛනිජ තෙල් නිෂ්පාදනය සහ ඉන්ධන සැපයීම හෝ බෙදා හැරීම අත්‍යාවශ්‍ය සේවා බවට තවදුරටත් පත්වේ.

එසේම, රෝහල්වල, සාත්තු නිවාසවල, බෙහෙත් ශාලා සහ වෙනත් සාමාන්‍ය ආයතනවල රෝගීන් නඩත්තු කිරීම සහ පිළිගැනීම, රැකවරණය, පෝෂණය කිරීම සහ ප්‍රතිකාර කිරීම සම්බන්ධව අවශ්‍ය හෝ කළ යුතු ඕනෑම විස්තරයක සියලුම සේවා, වැඩ හෝ ශ්‍රමය එලෙස අත්‍යවශ්‍ය සේවාවන් බවට ප්‍රකාශයට පත්කර තිබේ.