අම්බුළුවාවට කේබල් කාර් ව්‍යාපෘතියක්

අම්බුළුවාවට කේබල් කාර් ව්‍යාපෘතියක්

ශ්‍රී ලංකාවේ පළමු කේබල් කාර් අත්දැකීම ලෙසින් සැලකෙන, අම්බුළුවාව ජෛව විවිධත්ව සංකීර්ණ කේබල් කාර් ව්‍යාපෘතිය වෙනුවෙන් ගිවිසුමකට එළඹි බව ලංකා ආයෝජන මණ්ඩලය පවසයි.

මේ සඳහා ඇම්බර් ඇඩ්වෙන්චර් සමාගම (Amber Adventure Company) සමඟ ඇමෙරිකානු ඩොලර් මිලියන 4.5ක ගිවිසුමක් අත්සන් කළ බවයි ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය (BOI) නිවේදනය කළේ.

චයිනා මැෂින් බිල්ඩින් ඉන්ටර්නැෂනල් කෝපරේෂන් හි (China Machine-Building Inte ational Corporation) තාක්ෂණික සහ නිෂ්පාදන විශේෂඥතාව උපයෝගී කරගනිමින් ශ්‍රී ලංකාවේ ප්‍රථම කේබල් කාර් රථ ව්‍යාපෘතිය ඉදිකරන බවයි ආයෝජන මණ්ඩලය වැඩිදුරටත් පැවසුවේ.

Share This