web hit counter
ලංගම බස් රථයක් ප්‍රපාතයකට පෙරළී අයෙක් මරුට – 25 කට තුවාල

ලංගම බස් රථයක් ප්‍රපාතයකට පෙරළී අයෙක් මරුට – 25 කට තුවාල

බදුල්ල මොරහෙල ප්‍රධාන මාර්ගයේ ගුරුමඩ යෝධ උල්පත හංදිය ප්‍රදේශයේදී ලංගම බසයක් අඩි 40ක් පමණ ප්‍රපාතයකට පෙරළී අද (20) දහවල් සිදු වූ අනතුරකින් වයෝවෘද්ද කතක් මියගොස් තවත් 25 දෙනකු තුවාල ලබා ඇතැයි පොලීසිය පවසයි.

මීගහකිවුල සිට මොරහෙල බලා ධාවනය වෙමින් තිබූ ලංගම බසයක් මෙසේ අනතුරට පත්ව තිබේ.

මේ වන තුවාල ලැබූ පුද්ගලයින් මීගහකිවුල රෝහල වෙත රැගෙන එමින් පවතින අතර අසාධ්‍ය තත්ත්වයේ පසුවන 8 දෙනකු බදුල්ල මහ රෝහලට මාරුකර යවා ඇතැයිද පොලීසිය පවසයි.

මීගහකිවුල ප්‍රදේශයේ සති පොලද පවතින්නේ අද බැවින් විශාල පිරිසක් බස් රථයේ ගමන් කර තිබේ.

Share This

COMMENTS

Wordpress (0)
Disqus (0 )