අමෙරිකානු හමුදා යානයක් ජපාන දූපත් අසලදී කඩාවැටෙයි

අමෙරිකානු හමුදා යානයක් ජපාන දූපත් අසලදී කඩාවැටෙයි

අමෙරිකානු හමුදාවට අයත් ගුවන් යානයක් ජපානයේ යකුෂිමා දූපත ආසන්නයේ දී පුද්ගලයින් 8 දෙනෙකු සමග කඩා වැටී ඇතැයි, විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ජපාන වෙරළාරක්ෂක නිලධාරියා BBC පුවත් සේවයට පවසා ඇත්තේ, එක් පුද්ගලයෙකු සොයාගෙන ඇති නමුත් අනෙක් අයගේ තත්ත්වය අපැහැදිලි බවයි.

යානයේ නටබුන් යකුෂිමා දූපතට ඔබ්බෙන් සොයාගෙන ඇති බවද සඳහන්.

CV-22 Osprey යානය යකුෂිමා ගුවන් තොටුපළට ගොඩබෑමට උත්සාහ කිරීමේදී යානයේ වම් එන්ජිම ගිනිගෙන ඇති බවයි වැඩිදුරටත් වාර්තා වන්නේ.

යානය යමගුචි කලාපයේ ඉවාකුනි කඳවුරේ සිට ඔකිනාවා හි කඩේනා කඳවුර දක්වා ගමන් කරන්නට ඇතැයි විශ්වාස කෙරෙන අතර ගලවා ගැනීමේ මෙහෙයුම් දියත් කර ඇති බවයි, පැවසෙන්නේ.

Share This