හෝටල් කළමනාකරණ පුහුණුව ඇති අයට මගී නෞකා වල රැකියා

හෝටල් කළමනාකරණ පුහුණුව ඇති අයට මගී නෞකා වල රැකියා

හෝටල් කළමනාකරණ ක්ෂේත්‍රයේ පුහුණුව ලැබූවන් දහතුන් දහසකට වෘත්තිය අවස්ථා සැලසීමට ජාත්‍යන්තර නැව් සමාගම් නිපුණතා සංවර්ධන හා වෘත්තිය පුහුණු අමාත්‍යාංශය සමග එකඟතාවකට පැමිණ ඇත.

එම සමාගම් නියෝජිතයන් පිරිසක් පසුගිය සතියේ මෙරටට පැමිණ ඇති අතර සිය මගී නෞකාවල පවතින වෘත්තිය අවස්ථා පිළිබඳව ඇමැති ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත සමග සාකච්ඡා කර තිබේ.

හොටල් කළමනාකරණ පුහුණුව සඳහා මෙරට පවතින පහසුකම් සම්බන්ධයෙන් ඔවුන් සෑහීමකට පත් වූ බව ඇමැතිවරයා පැවසීය.

පුහුණුව සඳහා වන විෂය නිර්දේශයන්ද එම සමාගම්වලින් ලබාදීමට නියමිත අතර ඒ අනුව එම පුහුණුව සඳහා ඉදිරි මාස කිහිපය ඇතුළත සිසුන් බඳවා ගැනීමටද අමාත්‍යාංශය සූදානම් වෙයි. මීට අදාළව නැව් සමාගම් සහ අමාත්‍යාංශය අතර අවබෝධතා ගිවිසුම ඉදිරි සති දෙක ඇතුළත අත්සන් කිරීමටද නියමිතය.

මේ අතර විදෙස් රැකියා ඉලක්ක කර ගනිමින් වෘත්තිය පුහුණු අධිකාරිය ආරම්භ කළ පුහුණු පාඨමාලා සඳහා මේ වන විට පන්දහසක් පමණ එක්ව සිටිති.

Share This