අග්බෝපුර දී උදයදේවී පීලිපනී

අග්බෝපුර දී උදයදේවී පීලිපනී

ගල්ඔය සිට ත්‍රිකුණාමලය දක්වා ධාවනය වෙමින් තිබූ උදයදේවී දුම්රිය අග්බෝපුර දුම්රිය ස්ථානය ආසන්නයේදී පීලි පැනීමෙන් පුද්ගලයින් 17 දෙනෙකු තුවාල ලබා රෝහල්ගත කර තිබේ.

අද (07) පස්වරුවේ සිදුවූ මෙම අනතුරින් එහි ගමන් කරමින් සිටි දුම්රිය නියාමකවරුන් දෙදෙනකු සහ තවත් පුද්ගලයින් 15 දෙනෙකු තුවාල ලබා තිබේ.

තුවාල ලැබූ පුද්ගලයින් කන්තලේ රෝහලට ඇතුළත් කිරීමටයි කටයුතු කර ඇත්තේ.

අනතුරින් මැදිරි ත්‍රිත්වයක් පීලි පැනීමට ලක්ව ඇති අතර ඉන් එම මාර්ගයේ දුම්රිය ගමනාගමනයට බාධා ඇති වී තිබේ.