ගිනි අවි පහක් සමග හතරක් අත්අඩංගුවට

ගිනි අවි පහක් සමග හතරක් අත්අඩංගුවට

මෙරට නිෂ්පාදිත ගිනි අවි 5ක් ළඟ තබාගෙන සිටි බව කියන පුද්ගලයෝ හතර දෙනෙක් උහන, අඹන්පොල, කිලිනොච්චිය සහ මල්ලාවි යන පොලිස් ස්ථාන මගින් සැකපිට අත්අඩංගුවට ගෙන තිබේ.

අත්අඩංගුවට ගත් සැකකරුවන් හතර දෙනා අතර පෙදරේරු වෘත්තියේ සහ කම්කරුවකු ලෙස සේවය කරන අයකු ද සිටින බව පොලීසිය පවසයි.

අත්අඩංගුවට ගත් සැකකරුවන් සිව්දෙනා සම්බන්ධයෙන් අදාළ පොලිස් ස්ථාන මගින් වැඩිදුර විමර්ශන සිදු කරයි.