ටියුෂන් ගිය 14 හැවිරිදි සිසුවියන් තිදෙනා දින තුනක් තිස්සේ අතුරුදන්

ටියුෂන් ගිය 14 හැවිරිදි සිසුවියන් තිදෙනා දින තුනක් තිස්සේ අතුරුදන්

ගම්පහ යක්කල ප්‍රදේශයේ උපකාරක පන්තියකට සහභාගිවීමට ගිය 14 හැවිරිදි සිසුවියන් තිදෙනකු පසුගිය බදාදා (29) සවස සිට අතුරුදන් බවට පැමිණිලි ලැබී ඇතැයි යක්කල සහ වීරගුල පොලිසිය පවසයි.

යක්කල පොලිසියට එක් පැමිණිල්ලක් ලැබී ඇති අතර අනෙක් පැමිණිලි දෙක වීරගුල පොලීසියට ලැබී ඇත.

එම සිසුවියන්ගේ මවුවරුන් විසින් මෙම පැමිණිලි කර ඇතැයි ප්‍රදේශයේ උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය.

අතුරුදන් සිසුවියන් තිදෙනා ගම්පහ යක්කල ප්‍රදේශයේ පාසලක 9 වැනි වසරේ ඉගෙනුම ලබන මිතුරියන් බවත් ඔවුන් තිදෙනා පෙරේදා රාත්‍රිය වනතුරුත් නිවෙසට නොපැමිණි බවත් සඳහන් කරමින් පැමිණිලි කර ඇතැයි එම උසස් පොලිස් නිලධාරියා වැඩිදුරටත් පැවසීය.

අතුරුදන් සිසුවියන් තිදෙනා ගැන අද (30) වනතුරුත් කිසිදු තොරතුරක් දැන ගැනීමට නොලැබුණු බව යක්කල සහ වීරගුල පොලිසිය පවසයි.

යක්කල සහ වීරගුල පොලීසිවල ළමා හා කාන්තා කාර්යාංශය සහ අපරාධ විමර්ශන අංශයේ නිලධාරීහු මේ පිළිබද පරීක්ෂණ පවත්වති.

Share This