ශ්‍රී ලංකා කාන්තා එක්දින ක්‍රිකට් කණ්ඩායමට කෝටියක මුදල් ත්‍යාගයක්

ශ්‍රී ලංකා කාන්තා එක්දින ක්‍රිකට් කණ්ඩායමට කෝටියක මුදල් ත්‍යාගයක්

දකුණු අප්‍රිකාව පරාජය කරමින් වාර්තාගත ජයක් ලැබූ ශ්‍රී ලංකා කාන්තා එක්දින ක්‍රිකට් කණ්ඩායමට රුපියල් කෝටියකට ආසන්න විශේෂ මුදල් ත්‍යායක් පිරිනැමීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර ඇති බව එම ආයතනයේ උසස් නිලධාරියෙක් පැවසීය.

එහිදී නායිකා චමරි අතපත්තු විශේෂ ඇගයීමකට ලක්කිරීමට නියමිත බවද ඔහු ප්‍රකාශ කළේය.

කණ්ඩායමේ සියලු ක්‍රීඩිකාවන්ට ලැබෙන ආකාරයට එම මුදල් ත්‍යාගය පිරිනමන බවත් ක්‍රිකට් ආයතනයේ උසස් නිලධාරීන් කිහිපදෙනෙක් විදේශගතව සිටීම නිසා මුදල් ත්‍යාගයේ වටිනාකම තවම ස්ථිර කර නොමැති බවත් එම නිලධාරියා වැඩිදුරටත් සඳහන් කළේය.