දක්ෂිණ අධිවේගයේදී සංචාරකයින් රැගත් වෑන් රථයක් අනතුරක

දක්ෂිණ අධිවේගයේදී සංචාරකයින් රැගත් වෑන් රථයක් අනතුරක

දක්ෂිණ අධිවේගී මාර්ගයේ දී රුසියන් ජාතික සංචාරකයින් පිරිසක් රැගත් වෑන් රථයක් ලොරි රථයක ගැටීමෙන් අද (09) අනතුරක් සිදු වී ඇති බව අධිවේගි පොලීසිය පවසයි.

හම්බන්තොට මත්තල අතර කොටසේ 187 වන කිලෝ මීටර කණුව ආසන්නයේ දි මෙම අනතුර සිදුව තිබේ.

අනතුරින් තුවාල ලැබූ සංචාරකයින් හතර දෙනෙක් හම්බන්තොට මහ රෝහලට ඇතුලත් කර ඇති බව පොලිසිය වැඩිදුරටත් පැවසීය.

Share This