සැරයන්ගේ ගිනි අවිය පත්තු වී කොස්තාපල්ට තුවාල

සැරයන්ගේ ගිනි අවිය පත්තු වී කොස්තාපල්ට තුවාල

ඔක්කම්පිටිය පොලීසියේ සැරයන්වරයෙකුගේ ගිනිඅවියක් ඉබේ පත්තුවීමෙන් පොලිස් කොස්තාපල්වරයෙකු තුවාල ලබා ඇතැයි මොනරාගල රෝහල් පොලීසිය පවසයි.

මෙලෙස තුවාල ලබා ඇත්තේ පො.කො 105479 කරුණාරත්න නැමති අයෙකි.

අදට ( 09) නියමිත පොලීසියේ අර්ධ වාර්ෂික පරීක්ෂණයට සහභාගී විමට පොලිස් සැරයන්වරයෙකු ඔහුට අයත් ටී 56 ගිනිඅවිය බැරක්කයේදී පිරිසිදුකරමින් සිටියදී ගිනිඅවිය පත්තුවී අසල ඇඳක නිදාගෙන සිටි පොලිස් කොස්තාපල්වරයාගේ උකුළුඇටය ප්‍රදේශයට වෙඩි වැදී ඇත.

ඔහුගේ තත්වය බරපතළ නොවන බව මොනරාගල රෝහලේ ආරංචි මාර්ග සඳහන් කරයි.

Share This