දින 45 ක් තුළ වන්දි නඩු ගොනු නොකලොත් ඩොලර් බිලියන 6.4 ක X – press Pearl වන්දිය ඉවරයි

දින 45 ක් තුළ වන්දි නඩු ගොනු නොකලොත් ඩොලර් බිලියන 6.4 ක X – press Pearl වන්දිය ඉවරයි

ලෝකයේ සිදු වූ විශාලතම රසායනික නාවික අනතුර ලෙස සැලකෙන සිංගප්පූරුවේ X – press Feeders නම් සමාගමට අයත් X – press Pearl නෞකාව ශ්‍රී ලංකා මුහුදේදී ගිලී ගොස් සිදු වූ සමුද්‍ර දූෂණයට අදාළ වන්දි නඩුව අද (05) සිට තවත් දින 45 ක් තුළ ගොනු නොකළහොත් ඩොලර් බිලියන 6.4 ක් ඇතුළු සම්පූර්ණ වන්දි මුදල රටට අහිමි වන බව පරිසර යුක්ති කේන්ද්‍රය පවසයි.

නිලධාරීන්ගේ හා දේශපාලකයන්ගේ නිද්‍රාශීලීබව නිසා මෙසේ රටට අහිමි වන වන්දි මුදල IMF සංවිධානය මගින් රටට ලබාදුන් ඩොලර් බිලියන 2.9 මෙන් දෙගුණයකටත් වඩා වැඩි මුදලක් බව ද පවසන පරිසර යුක්ති කේන්ද්‍රය අදාළ වන්දි නඩුව සිංගප්පූරුවේ අධිකරණයක පැවරීමට කැබිනට් මණ්ඩලය සහ නීතිපති දෙපාර්තමේන්තුව ගෙන ඇති තීරණය සම්පූර්ණයෙන්ම අමනෝඥ තීන්දුවක් බවත්, මේ නිසා අදාළ වන්දි නඩුව විසි වී යෑමේ වැඩි ඉඩක් පවතින බවත් පවසයි.

එසේ වුවහොත් එහි වගකීම කැබිනට් මණ්ඩලය, දේශපාලනඥයින් හා නීතිපති දෙපාර්තමේන්තුව මගින් සෘජුවම දැරිය යුතු බව ද පරිසර යුක්ති කේන්ද්‍රයේ ප්‍රධාන උපදේශක හේමන්ත විතානගේ පැවසීය.

Share This