දෙපිටකාට්ටුවන්ට සමගි ජන බලවේගයේ ඉඩ නෑ – සජිත්

දෙපිටකාට්ටුවන්ට සමගි ජන බලවේගයේ ඉඩ නෑ – සජිත්

දෙපැත්තේ කකුල් තබා ගනිමින් දෙපැත්තම කන දෙපිටකාට්ටුවන්ට සමගි ජන බලවේගයේ ඉඩ නැති බවත්, එවැනන් සිටිනවා නම් පක්ෂයෙන් ඉවත් වි යන ලෙසත් විපක්ෂ නායක සජිත් අද (01) ඊ.ඒ. ගුණසිංහ ක්‍රිඩාංගනයේ පැවැති සමගි ජන බලවේග මැයි රැලිය අමතමින් පැවසුවේය.

“ එහෙම අය අපි ලඟ නෑ… හිටියොත් කියලයි කිව්වේ. “ විපක්ෂ නායකවරයා කීවේය.

අද ඓතිහාසික මැයි දිනයක් බව කී විපක්ෂ නායකවරයා සමගි ජන බලවේගය රට තුළ මැයි රැළි දෙකක් පැවැත් වූ බව කීවේය.

එක මැයි රැළියක් තමන් ඇතුලු පක්ෂයේ ප්‍රධානීන් සම්බන්ධ වී ඊ.ඒ ගුණසිංහ ක්‍රීඩාංගනයේ පවත්වන බවත් අනෙක් මැයි රැළිය උඩරට වැඩකරන ප්‍රජාව වෙනුවෙන් බදුලු නගරයේ වඩිවේල් සුරේෂ්, චමින්ද විජේසිරි, කාවින්ද ජයවර්ධන, වේලුකුමාර් උමා ඇතුළු සමගි ජන බලවේගයේම ප්‍රධාන කණ්ඩායමක් එක්ව පැවැත්වූ බවත් ආඩම්බරයෙන් ප්‍රකාශ කරන්නේ යැයි කීවේය.

සමගි ජන බලවේගයේ නායක, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස කළ සම්පූර්ණ කතාව මෙසේය.

“දේශපාලනය කරන්නේ පදවි අපේක්ෂාවෙන් නොවේ. අපි දේශපලනය කරන්නේ පද්ධතිය වෙනස් කරන්න. අපි රාජ්‍ය තනතුරුවලට කෑදර කමින් කෙළ හලන මහජන නියෝජිතයෝ නොවේ. අද දේශපාලන සමාජයේ මෙවන් අය ඉන්නවා. මම ඒ අයට පැහැදිලිව කියනවා දෙපිටිකාට්ටු වැඩ කරන්න එපා. හැම පැත්තෙම කකුල් තියා ගන්න එපා. ඔන නම් ඉන්න බැරි නම් යන්න. අපි ගාව දෙපිටිකාට්ටුවෝ නැ. හිටියොත් කියලයි මේ කිව්වේ.”

විශේෂයෙන්ම අද අල්ලස දූෂණය වංචාව රජ කරනවා. ජපන් රජයෙනුත් කොමිස් ඉල්ලුවා. දැක්ක නැති පෝර නැව්වලට ඩොලර් ගෙවපු ආණ්ඩුවක්. නැති එයා බස්වලට වන්දි ගෙවනවා. එක්ස්ප්‍රස් පර්ල් විනාශය මේ රටට අයිඑම්එෆ් එකත් අවුරුදු 4කින් ලබා දෙන බිලියන 2.9ට වැඩි ඩොලර් බිලියන 6.4 තක්සේරු කරලත් ඒකෙනුත් හොරා කෑවා. වංචා කළා. අපෙන් අහනවා ආණ්ඩුවට යනවද කියලා. අපි ආණ්ඩුවට යන්නේ සමගි ජන බලවේග ජනාධිපතිවරයා සමගයි මිත්‍රවරුනි.

බොහෝ දෙනෙක් අද කතා කරනවා අයිඑම්එෆ් එක ගැන. ඒ ඩීල් එක ගැන. මතක තියා ගන්න රණසිංහ ප්‍රේමදාස මැතිතුමාත් අයිඑම්එෆ් එකට 2පාරක් ගියා. කවුරුත් කිව්ව පලියට පොදු ජනතාවගේ සහන කැපුවේ නැ. ජන සවිය දුන්නා. ලක්ෂය දසලක්ෂය නිවාස හැදුවා. දුප්පත්කම තුරන් කරා. 43 ලක්ෂයක් දූදරුවන්ට නිල ඇදුම් දුන්නා. කන්න දුන්නා.

දුප්පත්කම සුදුසුකම කරල අභ්‍යාසලාභී ගුරු පත්වීම් 30000ක් දුන්නා. අයි. එම්. එෆ් එකට මුලින්ම යන්න කිව්වෙත් අපි. දුර දැකලයි අපි කිව්වේ. සමගි ජන බලවේග රජයක් තුළ අපි 2048 වෙනකම් ඉන්නේ නැ. අපේ පළමු වාරය තුළ රට ගොඩනගන ප්‍රබුද්ධම ප්‍රශස්ත ආර්ථික කණ්ඩායම වන හර්ෂ කබීර් එරාන් ඇතුළු බුද්ධි මණ්ඩලය වෘත්තීයවේදීන් උගත් තරුණයන් යොදා ගෙන රට ගොඩනගනවා. අපිට විතරයි ඒ වගේ පිරිසක් ඉන්නේ.

අත් කකුල් කපන් නැතිව මේ රට බේර ගන්න පුලුවන්. හැබැයි මේ ආණ්ඩුව ලෙඩාව බේර ගන්න හදන්නේ අත් දෙක කපලා. කකුල් කපලා. කන් නාස කට කපලා. මේ විදිහට ලෙඩා බේර ගන්න ආර්ථික ඔස්තාර් තමයි රනිල්. අපි කිසිම දවසක කොටස් වෙලෙදපොල වහන්න හිතන්නැ. බැංකු වහන්න හිතන්නෑ. ආර්ථිකය වහන්නෑ. ආර්ථිකය සංකෝචය කිරීම කුඩා කිරිම දරා ගන්න බැරි විදිහට පොඩි මිනිහට බදු ගැසීම අපේ ක්‍රමය නෙවෙයි. අපි අමාරු තීන්දු තීරණ ගන්නවා.

සුරංගනා කතාවලින් රට ගොඩනගන්න බෑ. සත්‍යවාදීව යථාර්ථවාදීව නූතන ආර්ථිකයක් තුළින් නව තාක්ෂණය තුළින් කර්මාන්ත විප්ලවය තුළින් පරිගණක විප්ලවය තුළින් සුබසාධන රාජ්‍ය රැකගෙන නවීකරණය කරමින් කාර්යක්ෂම කරමින් රට ගොඩනගන දැවැන්ත විප්ලවය ක්‍රියාත්මක කරන්න සූදානම් බව අද කියනවා.

May be an image of one or more people, crowd and text

May be an image of crowd

Share This