ධනිෂ්කට සහනයක්

ධනිෂ්කට සහනයක්

ස්ත්‍රී දූෂණ චෝදනාවකට අත්අඩංගුවට ගෙන ඇප මත නිදහස්ව සිටින ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනිෂ්ක ගුණතිලකට Facebook සහ Instagram යන සමාජ මාධ්‍ය භාවිත කිරීම තහනම් කරමින් නිකුත් කර තිබු නියෝගය සිඩ්නි ඩව්නිං සෙන්ටර් ප්‍රාදේශීය අධිකරණය විසින් ඉවත් කර තිබේ.

ඒ, එම නඩුව අද (06) යළි කැඳවු අවස්ථාවේදී ය.

පසුගිය පෙබරවාරි මාසයේ දී එම අධිකරණය විසින් ධනිෂ්ක හට Whatsapp සමාජ මාධ්‍ය යෙදවුම භාවිත කිරීමට ද අවසර ලබා දුනි.

සිඩ්නි හි නැගෙනහිර රෝස් බේ හි පදිංචි 29 හැවිරිදි තරුණියක් ගොනුකළ ලිංගික අතවර කිරීම සම්බන්ධයෙන් වූ පැමිණිල්ලකට අදාළව ධනිෂ්ක ගුණතිලකව නොවැම්බ්ර් මස 6 වෙනිදා ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම රැඳී සිටි හෝටලයේදී සිඩ්නි පොලිසියේ අත්අඩංගුවට පත්වුණි.

දින 11ක් පාර්ක්ලීහී පිහිටි රැඳවුම් මධ්‍යස්ථානයක රැඳවා තැබීමේන් පසු ඔස්ට්‍රේලියානු ඩොලර් ලක්ෂ 02ක මුදල් ඇපයක් මත ධනිෂ්ක ගුණතිලක මුඳාහරිනු ලැබු‍වේ නොවැම්බර් 17 වැනිදාය.

ධනිෂ්ක ගුණතිලකගේ නඩුව යළි අප්‍රේල් 27 වනදා කැඳවීමට නියමිතව තිබේ.

Share This