තුන් හැවිරිදි අයියාගේ වෙඩි පහරින් අවුරුද්දක් වයසැති නංගි මරුට

තුන් හැවිරිදි අයියාගේ වෙඩි පහරින් අවුරුද්දක් වයසැති නංගි මරුට

අමෙරිකාවේ, කැලිෆෝනියා ප්‍රාන්තයේ තුන් හැවිරිදි සහෝදරයෙකු විසින් සිදුකළ වෙඩි තැබීමකින් ඔහුගේ අවුරුද්දක් වයසැති නැගණිය මියගොස් ඇතැයි, විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

අදාළ දරුවා විසින් නිවසේ තිබූ ගිනිඅවියක් අනාරක්ෂිත ලෙස භාවිත කිරීමේ දී අත්වැරදීමකින් එය ක්‍රියාත්මක වී අනතුර සිදුව ඇති බවයි, එම වාර්තා වැඩිදුරටත් සඳහන් කළේ.

වෙඩි වැදීමෙන් තුවාල ලැබූ දැරිය රෝහල් ගත කිරීමෙන් පසු මිය ගොස් තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් එරට ආරක්ෂක අංශ විසින් විමර්ශන ආරම්භ කර ඇති බව වාර්තා වේ.