ගාල්ලේ නිවසක් මතට ගලක් පෙරලී තිදරු පියෙකු ජීවිතක්ෂයට

ගාල්ලේ නිවසක් මතට ගලක් පෙරලී තිදරු පියෙකු ජීවිතක්ෂයට

අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් ගාල්ල ඉහළ ඩික්සන් පාරේ බෑවුමේ පිහිටි ගලක් වැලිවත්ත විජයානන්ද මාවතේ නිවසකට පෙරළී යාමෙන් නිවෙස් හිමියා මියගොස් තිබේ.

මෙලෙස මියගොස් ඇත්තේ අමරසේන විජේසිංහ නමැති 78 හැවිරිදි තිදරු පියෙකි.

ඔහු නිවසේ සිටිය දී ගල් සමඟ පස් කන්දක් නිවෙසේ බිත්තියකට වැටී එයට යට වී මියගොස් ඇති බව පොලිසිය පවසයි.

මියගිය අයගේ පවුලේ සාමාජිකයන් කිහිපදෙනකු ද එම අවස්ථාවේ නිවසේ සිට ඇති නමුත් ඔවුන්ට අනතුරක් සිදුව නොමැත.

නිවසට යාබද කන්දේ අඩි 15ක් පමණ උසින් පිහිටි ගලක් මෙලෙස පෙරළී ඇත.

මේ අරතර, ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනයේ ඊ.ආර්.බන්දුල මහතා ගල පෙරලුන ස්ථානය නිරික්ෂණ කර කියා සිටියේ එම ස්ථානයේ තිබෙන අනෙක් ගල් ද අනතුරුදායක බවයි.

Share This