ලෝක බාලදක්ෂ ජම්බෝරියට ගිය බාලදක්ෂයින් රැසක් අධික උෂ්ණත්වය හේතුවෙන් රෝහලට

ලෝක බාලදක්ෂ ජම්බෝරියට ගිය බාලදක්ෂයින් රැසක් අධික උෂ්ණත්වය හේතුවෙන් රෝහලට

දකුණු කොරියාවේ ලෝක බාලදක්ෂ ජම්බෝරියේ දී පැවති දැඩි උෂ්ණත්වය හේතුවෙන් බාලදක්ෂයින් බොහෝ පිරිසක් රෝගාතුර වී ඇති බව විදෙස් මාධ්‍ය පවසනවා

දින 12 ක් පුරා පැවැත්වෙන මෙම ඉසව්ව අවලංගු කරන ලෙස මීට පෙර සමහර දෙමාපියන් ඉල්ලා තිබෙන අතර බාලදක්ෂයින් රෝගාතුර වීම හේතුවෙන් ඔවුන් කෝපයට පත්ව ඇති බවද සඳහන්

මෙම ලෝක බාලදක්ෂ ජම්බෝරියට 40,000කට ආසන්න පිරිසක් සහභාගී වන බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ

මෙම අවස්ථාවට සහභාගී වීමට විවිධ රටවල් 155 කින් පැමිණ ඇති බවත් සංස්කෘතික සංදර්ශන සහ එළිමහන් ක්‍රියාකාරකම් ඇතුළත්ව සතියක් පුරා පැවැත්වෙන උත්සවයක් බවත් බාලදක්ෂ ජම්බෝරි සංවිධායක කමිටුවේ සභාපති සහ අමාත්‍ය කිම් හියුන්-සූක් පවසා තිබෙනවා

සෝල් නගරයට පැය කිහිපයක් දකුණින් පිහිටි Saemangeum හි පැවති ලෝක බාලදක්ෂ ජම්බෝරියේ 1,486 දෙනෙක් රෝහල් වෙත පැමිණ ඇති බවයි පැවසෙන්නේ.

රෝහලට පැමිණි පුද්ගලයින්ගෙන් 250 දෙනෙකුට සමේ කුෂ්ඨ වැනි තත්ත්වයක්, 138 දෙනෙකුට උෂ්ණාධික රෝග සහ 386 දෙනෙකුට මකුණන් දෂ්ට කිරීම් වාර්තා වී ඇති බව සඳහන්

අමාත්‍ය සහ ජම්බෝරි සංවිධායක සභාපති කිම් පවසා තිබෙන්නේ කඳවුරු භූමියට සිසිලන බස් රථ 130 ක් පමණ යොදවන බවත් අමතර ශීතකරණ ට්‍රක් රථ 10ක් ඉක්මනින් ලබාදෙන බවත්ය.

එමෙන්ම සෑම බාලදක්ෂයෙකුටම දිනකට සිසිල් වතුර බෝතල් පහක් මෙන්ම සිසිලන වෙස් මුහුණු, තොප්පි, හිරු ආවරණ, අයිස් පැකට් සහ ලුණු පෙති ද ලබා දෙන බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කර තිබෙන්නේ

ගිනි නිවන සේවය කඳවුරු භූමියේ ස්ථානීය රෝහලක් ක්‍රියාත්මක කර ඇති අතර, සෑම දිනකම ගිනි නිවන දෙපාර්තමේන්තු නිලධාරීන් 200 ක් පමණ උත්සව භූමියටද යොදවා තිබෙනවා

ජනතාවගේ පැමිණීම වැඩි වනු ඇතැයි අපේක්ෂා කරන එළඹෙන ඉරිදා දිනයේ නිලධාරීන් සංඛ්‍යාව වැඩි කිරීමට සැලසුම් කර ඇති බවද වාර්තා වනවා

Share This