උසස් පෙළ විභාග කාලසටහන නිකුත් වේ

උසස් පෙළ විභාග කාලසටහන නිකුත් වේ

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023ට අදාළ විභාග කාල සටහන විභාග දෙපාර්තමේන්තුව විසින් ඊයේ (10) නිකුත් කෙරිණි.

ජනවාරි 04 දා සිට 30 දා දක්වා විභාගය පැවැත්වෙන අතර දිනපතා පෙරවරු 8.30 ට විභාගය ආරම්භ කිරීමට නියමිතයි.

ජනවාරි 04 දා පෙරවරුවේ සංයුක්ත ගණිතය, බුද්ධ ධර්මය, හින්දු ධර්මය, ක්‍රිස්තියානි ධර්මය, ඉස්ලාම්, බෞද්ධ ශිෂ්ටාචාරය, හින්දු ශිෂ්ටාචාරය පළමු කොටස පැවැත්වේ. සවස ජීව විද්‍යාව සහ ආර්ථික විද්‍යාව කොටස පළමු ප්‍රශ්න පත්‍රය පැවැත්වේ.

ජනවාරි 05 සිකුරාදා බුද්ධ ධර්මය, හින්දු ධර්මය, ක්‍රිස්තියානි ධර්මය, ඉස්ලාම්, බෞද්ධ ශිෂ්ටාචාරය, හින්දු ශිෂ්ටාචාරය දෙවැනි කොටස පැවැත්වේ. සවස් වරුවේ ජීව විද්‍යාව සහ ආර්ථික විද්‍යාව දෙවැනි ප්‍රශ්න පත්‍රය පැවැත්වේ.

ජනවාරි 06 සෙනසුරාදා සංයුක්ත ගණිතය දෙක කොටස පැවැත්වෙන අතර චිත්‍ර, නර්තනය දේශීය සහ භරත, පෙරදිග, කර්ණාටක සංගීත ආදී විෂයන්ගේ පළමු කොටස පැවැත්වේ.

එදින සවස් වරුවේ තර්ක ශාස්ත්‍රය සහ විද්‍යාත්මක ක්‍රමය, ඉංජිනේරු තාක්ෂණ වේදය, ජෛව පද්ධති තාක්ෂණ වේදය විෂයන්ගේ පළමු කොටස පැවැත්වේ.

ජනවාරි 08 සඳුදා ව්‍යාපාර අධ්‍යයනය පළමු කොටස පැවැත්වෙන අතර දේශීය, භරත නර්තනය, පෙරදිග සංගීතය, කරණාටක සංගීතය, භටහිර සංගීතය විෂයේ දෙවැනි ප්‍රශ්න පත්‍රය පැවැත්වේ. සවස කෘෂි විද්‍යාව සහ ජර්මන් භාෂාවේ පළමු ප්‍රශ්න පත්‍රය පැවැත්වේ.

ජනවාරි 09 භෞතික විද්‍යාව, පාළි විෂයන්ගේ පළමු ප්‍රශ්න පත්‍රය පැවැත්වෙන අතර චිත්‍ර කලාව දෙක ප්‍රශ්න පත්‍රය පැවැත්වේ. සවස් වරුවේ තර්ක ශාස්ත්‍රය සහ විද්‍යාත්මක ක්‍රමය, ඉංජිනේරු තාක්ෂණ වේදය, ජෛව පද්ධති තාක්ෂණ වේදය විෂයන්ගේ දෙවැනි ප්‍රශ්න පත්‍රය පැවැත්වේ. ජනවාරි 10 දා සිංහල, දෙමළ භාෂා පළමු ප්‍රශ්න පත්‍රය පෙරවරුවේ පැවැත්වෙන අතර කෘෂි විද්‍යාව සහ ජර්මන් භාෂාව දෙක කොටස පස්වරුවේ පැවැත්වේ.

ජනවාරි 11 දා භෞතික විද්‍යාව දෙවැනි ප්‍රශ්න පත්‍රය සහ චිත්‍ර කලාව තුන්වැනි ප්‍රශ්න පත්‍රය පැවැත්වේ. සවස් වරුවේ ව්‍යාපාර අධ්‍යයන දෙක සහ පාළි දෙක කොටස පැවැත්වේ.

අනෙකුත් විෂයන් ජනවාරි 31 දා දක්වා පැවැත්වෙන අතර වැඩි විස්තර විභාග දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවියෙන් ලබා ගත හැකිය.

Share This