ලොව 60%කගේ රැකියා අනතුරේ – IMF

ලොව 60%කගේ රැකියා අනතුරේ – IMF

කෘත්‍රීම බුද්ධිය හේතුවෙන් ලෝකයේ 60%කගේ රැකියා ඉතා අනතුරුදායක මට්ටමක පවතින බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ප්‍රකාශ කරයි.

එහි කළමණාකාර අධ්‍යක්ෂිකා ක්‍රිස්ටලීනා ජෝජියේවා වොෂින්ටන් හී දී පැවති සම්මුඛ සාකච්ඡාවක දී මේ බව අනාවරණය කර තිබේ.

කෙසේ වෙතත් සංවර්ධනය වෙමින් පවතින රටවලට එම බලපෑම සියයට 40ක් වන බව ඇය පෙන්වා දී ඇත.

ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ වාර්තාවක් උපුටා දක්වමින් ඇය ප්‍රකාශ කර ඇත්තේ කෘත්‍රිම බුද්ධි තාක්ෂණය තවත් පිරිසකට ප්‍රතිලාභ වර්ධනය කර ගැනීමට ඉවහල් වන බවය.

Share This