නුවරඑළියේ වයස අවුරුදු 5ක දරුවෙකුගෙන් ලෝක වාර්තාවක්

නුවරඑළියේ වයස අවුරුදු 5ක දරුවෙකුගෙන් ලෝක වාර්තාවක්

පසුගිය සති කිහිපය පුරාවට විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍යයන් ගේ අවධානයට ලක් වූ ලෝකයේ රටවල් 195 සහ එහි අගනුවරවල් හිස් සිතියමක ලකුණු කරන සිගිත්තා වන අවුරුදු 05ක් වූ නුවරඑළියේ කලානේෂන් හර්ෂිත් (25) දින ලෝක වාර්තාවක් පිහිටුවීමට සමත් විය .

ස්ථාන කිසිවක් ලකුණු නොකල ලෝක සිතියමක ලෝකයේ රටවල් 195 සහ එම රටවල් වල අගනුවරවල් කාලානේෂන් හර්ෂිත් දරුවා විනාඩි 04යි තප්පර 16ක් වැනි කෙටි කාලයකින් නිවැරැදිව පෙන්වා ඉංග්‍රීසි භාෂාවෙන් නම් කර තිබේ.

කාලානේෂන් හර්ෂිත් රටවල් 24 ක ක්‍රියාත්මක වන “චෝලන් බුක් ඔෆ් වර්ල්ඩ් රෙකෝඩ්” වාර්තා පොතේ මෙලෙස ලෝක වාර්තාවක් පිහිටුවීම (25) නුවරඑළිය ශුද්ධ ත්‍රිත්ව මධ්‍ය මහා විද්‍යාලයේ සෞම්‍ය ශ්‍රවණාගාරයේදී පැවැත්වින .

වසර 03 ක කාලයක් ශ්‍රී ලංකාව තුල ක්‍රියාත්මක වන “චෝලන් බුක් ඔෆ් වර්ඩ් රෙකෝඩ්” ලෝක වාර්තා පොතෙහි නුවරඑළිය දිස්ත්‍රික් සීමාව හා නගර සීමාව තුල වාර්තාවක් පිහිටුවූ පලමු කෙනා ලෙසද වයස අවුරුදු 5ක් වූ කලානේෂන් හර්ෂිත් බවත් “චෝලන් බුක් ඔෆ් වර්ඩ් රෙකෝඩ්” ආයතනයේ නිළධාරින් අනාවරණය කරයි .

ඔවුන් වැඩිදුරටත් අනාවරණය කර සිටියේ “චෝලන් බුක් ඔෆ් වර්ඩ් රෙකෝඩ්” ජාත්‍යන්තර සංවිධානයක් හැටියට ක්‍රියාත්මක වන අතර එය ඉන්දිය මධ්‍ය රජයේ ලියාපදිංචි යටතේ රටවල් 24 ක ක්‍රියාත්මක වන ගිනස් වාර්තාවට පමණක් දෙවැනි වාර්තා පොතක් හැටියට හඳුන්වා දිය හැකි බවයි.

මෙහිදී ලෝක වාර්තාවක් පිහිටවූ කලානේෂන් හර්ෂිත් දරුවාට ඔහු විසින් පිහිටවනු ලැබූ ලෝක වාර්තාව සදහා වන සහතිකය , සම්මානය හා පදක්කම පිරිනැමීම “චෝලන් බුක් ඔෆ් වර්ඩ් රෙකෝඩ්” ජාත්‍යන්තර ආයතනයේ නියෝජනය කරමින් ඉන්දියාවේ සිට පැමිණි ප්‍රදාන සම්භන්ධීකාරක පෙරුමාල් නීලමේගම් මහතාගේ හා ශ්‍රී ලංකා ප්‍රධානි යෝගදාසන් ජූඩ් නිමලන් මහතා අතින් පිරිනැමිණ.

මෙහිදි අදහස් දැක්වූ කලානේෂන් හර්ෂිත් දරුවාගේ දෙමාපියන් කියා සිටියේ සිය දරුවා පිහිටපු වාර්තාව ගැන දෙමව්පියන් වශයෙන් ඔහු දැඩි සතුටට පත්වන අතර මීළඟට ගිනස් වාර්තාවක් සඳහා දරුවා පුහුණු කරන බවත් , ඒ සඳහා අවශ්‍ය සහයෝගය රජයෙන් බලාපොරොත්තු වන බවයි.

ලෝක වාර්තාව සඳහා වන පරීක්ෂණය සහ වැඩසටහන සදහා “චෝලන් බුක් ඔෆ් වර්ඩ් රෙකෝඩ්” ආයතනයේ ජාත්‍යන්තර සම්භන්ධීකාරක පෙරුමාල් නීලමේගම් , ශ්‍රී ලංකා ප්‍රධානි යෝගදාසන් ජූඩ් නිමලන් , නුවරඑළිය ශුද්ධ ත්‍රිත්ව මධ්‍ය මහා විදුහලේ විදුහල්පතිතුමන් ඇතුළු ආචාර්ය මණ්ඩලය දුවා දරුවන් හා දෙමාපියන් විශාල පිරිසක් සහභාගි වී සිටියහ .

 

 

Share This