පොලිස් ජීප් රථයකට ගල් ප්‍රහාරයක්

පොලිස් ජීප් රථයකට ගල් ප්‍රහාරයක්

නීති විරෝධී මත්පැන් ජාවාරමක් වැටලීමට ගිය පොලිස් නිලධාරින් පිරිසක් ගමන් ගත් ඩයගම පොලිසියේ ජිප් රථයට ගල් ප්‍රහාරයක් එල්ල වීම නිසා එම ජිප් රථයේ ඉදිරිපස වීදුරුවට හානි සිදු වී ඇති බව ඩයගම පොලිසිය පැවසිය.

ඩයගම නැගෙනහිර ප්‍රදේශයේ නීති විරෝධී ලෙස පෙරු මත්පැන් අලෙවි කරන බවට ලද තොරතුරක් මත ඊයේ (25) රාත්‍රි 8 ට පමණ වැටලිමක් සදහා පොලිස් නිලධාරින් පිරිස ජිප් රථයේ ගමන් කර ඇති බවත්, එම ප්‍රදේශයට ඇතුල් වන මාර්ගයේදී සැගව සිටි පුද්ගලයෙක් හෝ කණ්ඩායමක් ධාවනය වෙමින් තිබූ ජිප් රථයට ගල් ප්‍රහාරයක් එල්ල කර ඇති බවයි ඩයගම පොලිසියේ ස්ථානාධිපතිවරයා කියා සිටියේ.

ගල් ප්‍රහාරය එල්ල කල පුද්ගලයා හෝ කණ්ඩායම අත්අඩංගුවට ගැනිම සදහා ඩයගම පොලිසිය පුළුල් විමර්ෂණයක් ආරම්භ කර ඇත.

 

Share This

COMMENTS

Wordpress (0)
Disqus (0 )