පාරිභෝගික අධිකාරියෙන් දැනුම් දීමක්

පාරිභෝගික අධිකාරියෙන් දැනුම් දීමක්

පාරිභෝගික අධිකාරියෙන් බව පවසමින් වෙළඳසැල්වල ඇති භාණ්ඩවල ගැටලු පවතින බවට පවසා ව්‍යාපාරිකයින් වෙත දුරකථන ඇමතුම් ලැබුනහොත් ඒ සම්බන්ධයෙන් 1977 ක්ෂණික දුරකථන අංකයට හෝ ළගම ඇති පොලිස් ස්ථානයට පැමිණිලි කරන ලෙස එම අධිකාරිය ඉල්ලීමක් කරනවා.

සිය නිලධාරීන් බව පවසමින් ව්‍යාපාරිකයින්ගෙන් මුදල් ලබා ගැනීමේ ජාවාරමක් පිළිබඳ තොරතුරු වාර්තා වී ඇති බවයි පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පැවසුවේ.

පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය අපහසුතාවයට පත් කිරීමේ අරමුණින් කිසියම් පුද්ගලයෙකු හෝ පුද්ගල කණ්ඩායමක් විසින් සංවිධානාත්මකව සිදු කරන ක්‍රියාවක් බවද එම අධිකාරියේ සභාපති, නීතීඥ ශාන්ත නිරිඇල්ල සදහන් කළා.

මේ සම්බන්ධයෙන් පොලිස්පතිවරයාට පැමිණිලි කළ බව පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරියේ සභාපති නීතිඥ ශාන්ත නිරිඇල්ල මහතා පැවසුවා.

 

Share This