කළුතර පාසල් සිසුන්ට ලිංගික අධ්‍යාපන වැඩසටහනක්

කළුතර පාසල් සිසුන්ට ලිංගික අධ්‍යාපන වැඩසටහනක්

කළුතර දිස්ත්‍රික්කයේ පාසල් සිසු – සිසුවියන් ඉලක්ක කර ගත් ලිංගික සෞඛ්‍ය අධ්‍යාපන (Sex Education) වැඩසටහනක් ක්‍රියාත්මක කරන්නට සූදානම් බව කළුතර ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ, විශේෂඥ වෛද්‍ය රසාංජලී හෙට්ටිආරච්චි මහත්මිය පැවසීය.

මේ සම්බන්ධයෙන් මේ වන විට සාකච්ඡාවක් පැවැත්වෙන බව ත් වයස අවුරුදු 15-18 අතර පාසල් සිසුන් ඉලක්ක කර ගනිමින් මෙම වැඩසටහන ක්‍රියාත්මක බව ත් ඇය කීවා ය.

මෙම වැඩසටහන් මාලාව ලබන ජූනි මාසයේ සිට ඇරඹීමට හැකි බවත් ඒ සම්බන්ධයෙන් සාකච්ඡා වට කිහිපයක් පැවැත්වූ පසු මෙම තීරණය ගනු ලැබූ බව ත් ඇය පැවසුවා ය.

මෙවැනි අධ්‍යාපනික වැඩසටහන් රට පුරා ක්‍රියාත්මක කළයුතු බව ත් දරුවන්ට ලිංගික සෞඛ්‍ය අධ්‍යාපන පිළිබඳව පවතින අවම දැනුම වර්ධනයට සෞඛ්‍ය අංශය හා අධ්‍යාපන අංශයන් මැදිහත් විය යුතු බවත් ඇය සඳහන් කළා ය.

ලංකාවේ සෞඛ්‍ය සේවාව සඳහා ඉදිරියේදී සහය ලබාදිය යුතු ද යන්න තීරණය කිරීම සඳහා ලෝක බැංකු විශේෂ නියෝජිත කණ්ඩායම සමග කළුතර දිස්ත්‍රික්කයේ පැවති සාකච්ඡාවකින් අනතුරුව ඇය මේ බව සඳහන් කර තිබේ.

Share This