විජයදාස රාජපක්ෂ ජනපතිවරණයට ?

විජයදාස රාජපක්ෂ ජනපතිවරණයට ?

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජනාධිපති අපේක්ෂක ධූරය බාර ගන්නැයි එම පක්ෂයේ විධායක සභිකයෝ සහ ආසන සංවිධායකයෝ අධිකරණ බන්ධනාගාර කටයුතු සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතාගෙන් ඉල්ලීමක් කර තිබේ .

පක්ෂයේ විධායක සභිකයන්ගේ සහ ආසන සංවිධායකවරුන්ගේ රැස්වීමක් කොළඹ ඩාර්ලි පාරේ පිහිටි එම පක්ෂ මූලස්ථානයේදී ඉකුත් 30 වැනිදා පැවැත්විණ.

මෙම රැස්වීමේ ආරාධිත දේශකයකු ලෙස අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා සහභාගි වී ඇති අතර ආසන සංවිධායකවරුන් විධායක සභිකයන් ඔහුගෙන් මෙම ඉල්ලීම කර ඇත්තේ එම රැස්වීමේදීය.

මේ සම්බන්ධයෙන් විජයදාස රාජපක්ෂ මහතා පැවැසුවේ ඒ පිළිබඳව තවදුරටත් සාකච්ඡා කර සුදුසු තීරණයක් ගන්නා බවය