ශ්‍රී ලංකා – බංග්ලාදේශ අවසන් ටෙස්ට් තරගයේ තුන්වන දිනය අදයි

ශ්‍රී ලංකා – බංග්ලාදේශ අවසන් ටෙස්ට් තරගයේ තුන්වන දිනය අදයි

සත්කාරක බංග්ලාදේශය සහ ශ්‍රී ලංකාව අතර දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේ තුන්වැනි දිනය අදයි (01).

තරගයේ පළමු ඉනිම සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම සියලු දෙනා දැවී ලකුණු 531ක් රැස් කළේය.

එම ලකුණු සංඛ්‍යාව වාර්තා අතරට එක්වුණේ කිසිඳු පිතිකරුවකු ශතකයක් වාර්තා නොකර කණ්ඩායමක් විසින් ටෙස්ට් ඉනිමක රැස් කළ ඉහළම ලකුණු සංඛ්‍යාව ලෙසයි.

තරඟයේ පළමු ඉනිම ක්‍රීඩා කරන බංග්ලාදේශ කණ්ඩායම ඊයේ (31) දිනය සදහා තරගය නතර කරන විට පන්දුවාර 15ක් තුළ කඩුල්ලක් දැවී ලකුණු 55ක් රැස් කරගෙන සිටියේය.

සකීර් හසන් සහ තයිජුල් ඉස්ලාම් නොදැවී කඩුල්ලේ රැදී සිටී.