අලුත් අවුරුදු නැකත් චාරිත්‍ර යළි සංශෝධනය කිරීමට අවධානය

අලුත් අවුරුදු නැකත් චාරිත්‍ර යළි සංශෝධනය කිරීමට අවධානය

මෙවර අලුත් අවුරුදු නැකත් චාරිත්‍ර යළි සංශෝධනය කිරීම සම්බන්ධයෙන් ජාතික නැකත් කමිටුව විසින් යෝජනාවක් ඉදිරිපත් වුවහොත් පමණක් තමන් ඒ පිළිබඳව අවධානය යොමු කරන බව බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා පවසයි .

අලුත් අවුරුදු නැකත් චාරිත්‍රවල ළිප ගිනි මෙළවීමේ නැකත සහ ආහාර අනුභව කිරීමේ නැකත අප්‍රේල් මස 13 දා මධ්‍යම රාත්‍රියේදී යෙදීම පිළිබඳව හටගෙන ඇති මතභේදාත්මක තත්ත්වය සම්බන්ධයෙන් ඇමැතිවරයා මේ බව පැවැසීය.

ජාතික නැකත් කමිටුවේ සියලු සාමාජිකයන් ජ්‍යොතීර්වේදය පිළිබඳව ප්‍රමාණාත්ම දැනුමක් ඇති පුද්ගලයන් බවත්, නැකත් චාරිත්‍රවල කිසියම් ගැටලුවක් තිබුණා නම් එය සකසන අවස්ථාවේදීම ඒ පිළිබඳව තවදුරටත් සාකච්ඡා කළ යුතුව තිබූ බවත් අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

එසේ නොමැතිව අදාළ නැකත්වල දෝෂ තිබෙන බවට ඇතැම් කමිටු සාමාජිකයන් විසින් පසුව ප්‍රකාශ කිරීම කිසිසේත් අනුමත කළ නොහැකි දෙයක් බවද විදුර වික්‍රමනායක අවධාරණය කළේය.

එබැවින් නැකත් චාරිත්‍රවල කිසියම් ගැටුලුවක් ඇත්නම් සහ ඒවා යළි සංශෝධනය කළ යුතු වන්නේ නම් ඒ පිළිබඳ යෝජනාවක් නැකත් කමිටුව මගින්ම ඉදිරිපත් කළ යුතු බවත් අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා පැවැසීය.

Share This