ධීවරයින් තිදෙනෙකු සමග තවත් යාත්‍රාවක් අතුරුදහන්

ධීවරයින් තිදෙනෙකු සමග තවත් යාත්‍රාවක් අතුරුදහන්

බිලීකොකු යොදා මසුන් මැරිම සදහා කන්දකුලිය ධීවර තොටුපලින් මුහුදු ගිය විහාරා දුව, හංසිළු පුතා යාත්‍රාව එහි සිටි ධීවර කාර්මිකයින් තිදෙනා සමග අතුරුදහන්වී ඇති බව යාත්‍රා හිමිකරු කල්පිටිය පොලිසියට පැමිණිලි කර තිබේ.

මෙලෙස අතුරුදහන් වී ඇත්තේ, කන්දකුලිය ධීවර තොටුපලින් මසුන් මැරීම සදහා ගමන් ගත් ඩබ්ලියු.නෙවිල් ඇන්ටනි, සුදේෂ් සුසන්ත, ප්‍රසාද් නිරන්ජන් යන කන්දකුලිය පදිංචි ධීවරයින් තිදෙනාය.

මෙම ධීවරයින් තිදෙනා පසුගිය 6 වනදා දහවල් කන්දකුලිය ධීවර තොටුපලින් මසුන් මැරීම සදහා විහාරා දුව, හංසිළු පුතා නැමති ධීවර යාත්‍රාවෙන් ගමන් කර ඇති බව කියයි.

මෙම යාත්‍රාවේ හිමිකරු වන දීපාල් නිලන්ත මහතා තම යාත්‍රාව හා ධීවරයින් අතුරුදන් ව ඇති බව කල්පිටිය පොලිසියට පැමිණිලි කර තිබේ.

යාත්‍රා හිමිකරු දිපාල් නිලන්ත මහතා පවසා සිටියේ, එදින බිලි කොකු උපයෝගි කර ගනිමින් මසුන් මැරීම සදහා ගිය බවත් 06 වන දින රාත්‍රි වන විට පැමිණීමට නියමිතව තිබුණද එසේ නොපැමිණි බවත් ඊයේ (07) දිනද ඒ පිළිබදව සොයා බැලුවද නොපැමිණි නිසා කන්දකුලියේ සිට ධීවර යාත්‍රා කිපයක් මෙම යාත්‍රාව සෙවිම සදහා මහ මුහුදට පිටත් කර යැවු බවයි.

Share This