ප්‍රදේශ කිහිපයට හෙට පැය 20ක ජල කප්පාදුවක්

ප්‍රදේශ කිහිපයට හෙට පැය 20ක ජල කප්පාදුවක්

වැඩභාර නිලධාරී (පැලැන්වත්ත) කාර්යාලයට අයත් කනත්ත පාර පොම්පාගාරයේ හදිසි නඩත්තු කටයුත්තක් සිදු කරනු ලබන බව ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය සඳහන් කරයි.

ඒ හේතුවෙන් හෙට(13) දින පෙ.ව.10.00 සිටඅනිද්දා(14) දින පෙ.ව.6.00 දක්වා පැය 20ක කාලයක් පහත සඳහන් ප්‍රදේශ වලට ජල සැපයුම අත්හිටුවනු ඇත.

ගොරකපිටිය, සිද්ධමුල්ල, ඇරැව්වල, රත්මල්දෙණිය, මහරගම-පිළියන්දල මාර්ගය, එදිරිසිංහ මාවත, මොරකැටිය පාර, මඩවල පාර, බෝකුන්දර පාර හා ඊට අදාළ සියළු අතුරු මාර්ග

Share This