කොළඹ ජාතික රෝහලට ලංවිමෙන් රතු නිවේදන

කොළඹ ජාතික රෝහලට ලංවිමෙන් රතු නිවේදන

කොළඹ ජාතික රෝහල විදුලිබල මණ්ඩලයට ගෙවීමට තියෙන හිග මුදල් රුපියල් මිලියන 339 හේතුවෙන් විදුලි කප්පාදුවක් සිදු කිරීමට රතු නිවේදන නිකුත් කර ඇතැයි කොළඹ ජාතික රෝහලේ උසස් නිළධාරියෙකු පැවසීය.

මාස පහක හිඟ මුදල් මෙසේ නොගෙවා සිටීම හේතුවෙන් රෝහලේ කටයුතු අඩාල වීමට දැඩි අවදානමක් මතුව ඇති බවද ඒ මහතා පැවැසීය.

විදුලිබල මණ්ඩලයේ නිලධාරීන් විසින් මේ ගැන රෝහලට පැමිණ දැනුම් දී ඇති බවද එය උසස් නිලධාරියා පැවසීය.

සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් ගෙවිය යුතු හිඟ මුදල් තවදුරටත් නොගෙවා සිටියහොත් රෝහල රෝගීන් දැඩි අසීරුතාවකට පත්වන බවද එම නිලධාරියා පැවැසීය.

මේ වනව විට ජාතික රෝහලේ ශල්‍යාගාර වල ශල්‍ය කටයුතු සිදු කිරීමට රෝගීන් විශාල සංඛ්‍යාවක් සිටින බව සඳහන් කරන එම නිලධාරියා කිසියම් හේතුවෙන් විදුලිය විසන්ධි කිරීමක් සිදු වුවහොත් රෝගීන් දැඩි අවදානමකට පත් වන බව ද වැඩිදුරටත් පැවසීය.

මේ සම්බන්ධයෙන් කොළඹ ජාතික රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය අධ්‍යක්ෂක කුමාර වික්‍රමසිංහ මහතා පැවසූයේ, විදුලි බිල් ගෙවීමේ හිඟයක් තිබෙන මුත් මේ පිළිබඳව මාධ්‍ය වෙත අදහස් දැක්වීමට සිදුකළ නොහැකි බවයි.

Share This