පාසල් සිසුවියක් දූෂණය කර මරා දැමූ සැකකරුවෙකු වව්නියාව රෝහලේ දී බන්ධනාගාර නිලධාරීන්ගෙන් මිදී පලා යයි!

පාසල් සිසුවියක් දූෂණය කර මරා දැමූ සැකකරුවෙකු වව්නියාව රෝහලේ දී බන්ධනාගාර නිලධාරීන්ගෙන් මිදී පලා යයි!

වවුනියාව බන්ධනාගාර නිලධාරීන්ගේ රැකවරණය මත වවුනියාව මහ රෝහලට ඇතුළත් කර සිටි සැකකරුවෙකු අද ( 04 ) අලුයම පලා ගොස් තිබේ.

පොලීසිය සඳහන් කළේ, තලෙයිමන්නාරමේදී දස හැවිරිදි පාසල් ශිෂ්‍යාවක් දූෂණය කර මරා දැමූ සැකකරුවෙකු මෙලෙස පලාගොස් ඇති බවයි.

සැකකරු, ඝාතනය වූ දැරියගේ නිවසේ මෙහෙකරුවකු ලෙස සේවය කළ 55 හැවිරිදි ත්‍රීකුණාමළයේ පදිංචි කරුවෙකි.

අදාළ දැරිය දූෂණය කර මරා දමා තිබුණේ, 2024 පෙබරවාරී මස 16 වෙනිදාය.

සිද්ධියෙන් පසුව තලෙයිමන්නාරම පොලීසිය විසින් ඔහුව අත්අඩංගුවට ගෙන අධිකරණ නියෝග මත වවුනියාව බන්ධනාගාරයේ රඳවා සිටියදී සැකකරු අසනීප තත්ත්වයක් මත වවුනියාව මහ රෝහලට ඇතුළත් කර තිබුණි.

බන්ධනාගාර නිලධාරීන්ගේ දැඩි රැකවරණය මත ඔහු රෝහල් ගත කර සිටි නමුත් වැසිකිලි යාමට ගිය අවස්ථාවේදී ඔහු මෙලෙස රෝහලෙන් පලා ගොස් ඇත.

පලාගිය සිරකරු සෙවීම සදහා බන්ධනාගාර නිලධාරීන් හා පොලිසිය වවුනියාව නගරය පුරා මෙහෙයුමක් දියත් කර තිබේ.

Share This