කොළඹ ප්‍රදේශ කිහිපයකට හෙට පැය 16ක ජල කප්පාදුවක්

කොළඹ ප්‍රදේශ කිහිපයකට හෙට පැය 16ක ජල කප්පාදුවක්

අඹතලේ ජල සැපයුමෙහි අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන්, කොළඹ ප්‍රදේශ කිහිපයකට හෙට (13) පැය 16ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි.

ඒ අනුව, හෙට (13) පස්වරු 05 සිට අනිද්දා (14) පෙරවරු 09 දක්වා කොළඹ 11,12, 13, 14 සහ 15 යන ප්‍රදේශවලට මෙලෙස ජල සැපයුම අත්හිටුවන බ‍ව එම මණ්ඩලය වැඩිදුරටත් සඳහන් කළේය.