අනුර ජනපති උන හැටියම කරන දේ ගැන ලාල් කාන්ත කියයි

අනුර ජනපති උන හැටියම කරන දේ ගැන ලාල් කාන්ත කියයි

සිය පෙරමුණ ජනාධිපතිවරණය ජයග්‍රහණය කළ පසු එදිනම මධ්‍යම රාත්‍රි 12.00 වන විට සිය අපේක්ෂකයා දිව්රුම් දෙන බවත් ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික කේ. ඩී. ලාල් කාන්ත පැවැසීය.

“අපි දැම්ම මෙහෙම සැලසුමක් හදන්න කල්පනා කරගෙන ඉන්නේ මුන් අග්‍රවිනිශ්කාරවරයා උස්සන්න ඉඩ තියනවා. එතකොට අපේ ජනාධිපතිවරයාට දිව්රුම් දෙන්න කෙනෙක් නැහැ. මුන් ඒ ජාතියේ බඩු.” යැයිද ඔහු සඳහන් කළේය.

මහනුවර කරල්ලියද්ද නගරයේ පසුගියදා ජන හමුවක් අමතමින් හෙතෙම සඳහන් කළේ අනුර කුමාර දිසානායක ජනාධිපති වූ පසු එළැඹෙන මහ මැතිවරණය සඳහා පොහොට්ටුවේ, රනිල්ගේ, සජබේ කිසිවකුටත් පාර්ලිමේන්තු යාමට හැකියාවක් නොමැති බවය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ කේ. ඩී ලාල් කාන්ත මෙසේද පැවසීය.

“ඉතිහාසයේ දැවැන්තම දේශපාලන පරිවර්තනය සිද්ධ වන වසරක්. මේ වසරේ තියන ජනාධිපතිවරණයෙන් මාලිමාව දිනන බවට සියලු සමීක්ෂණ වාර්තා සහතික කරලා ඉවරයි.

මාලිමාව ජයග්‍රහණය කරනවා කියලා බයට තමා මේ ආණ්ඩුව පළාත් පාලන මැතිවරණය කල් දැම්මේ. මෙවර ජනාධිපතිවරණයෙන් අනුර කුමාර දිසානායක දිනනවා කියලා ගොඩාක් පක්ෂවල අයට දෙගිඩියාවක් ඇති වෙලා තියනවා.

එක්තරා දුරකට ඡන්දය නොතියා ඉඳියිද කියලා සැකයකුත් අපිට තියෙනවා. හැබැයි ජනතාව බලාගෙන ඉන්නේ තියපල්ලකෝ ඡන්දයක් කියලා. රනිල්ගේ ජොබ් එක තමා විධායක බලය ක්‍රියාවට නැගීම.

මාරුවෙන් මාරුවට 75 වසරක් මේ රට කෑවා. හැදුවේ නැහැ. රජය නිල වශයෙන් පිළිඅරන් ඉවරයි ලෝකය ඉස්සරහා මේක බංකොලොත් රටක් කියලා. මේ වසරේ ඔක්තෝබර් මාසය ඉවර වෙන්න කලින් එළැඹෙන ජනාධිපතිවරණයේදී , ජනාධිපතිවරයා පත්වෙන්නේ මලිමාවෙන්.

එළැඹෙන මාස හතේ ඉන්ටවල් නැහැ. දිනපතා වැඩ කරන්න තියනවා හැමෝටම.

ජාතික ජන බලවේගයේ ජනාධිපතිවරයාගේ පළමු නිවේදනය තමයි පාර්ලිමේන්තුව වහාම විසුරුවනු ලැබේ කියන එක.

මේ පුහු පාර්ලිමේන්තුවත් එක්ක ජනාධිපතිවරයාට වැඩ කරන්න පුළුවන්ද? එම නිසා මහා මැතිවරණයකට සූදානම් විය යුතු වෙනවා.