දවසේ ලග්න පලාපල – 2023 මැයි මස 17 වන බදාදා

දවසේ ලග්න පලාපල – 2023 මැයි මස 17 වන බදාදා

රාහු කාලය
12:07 pm – 1:40 pm

සුභ දිශාව
උතුර

මරු සිටින දිශාව
නිරිත

 

Qries

මේෂ

ක්‍රියාකාරකම් බහුල වෙයි. සමාජ සත්ක්‍රියාකාරකම්වල යෙදේ. තරග තුරඟ ජය ගනී. ප්‍රීති උත්සව සාද වැනි දේවලට සහභාගි වීමේ අවස්ථා යෙදේ. තරමක් වැයපස ද ඉහළ යයි. සිරසගත රෝග ද මතු කරයි.

Date: 2023-05-17

ජය අංකය: 05
ශුභ වර්ණය: රතු
Qries

වෘෂභ

ගමන් බිමන් ඉහළ යා හැකි දිනකි. තම ඥාතීන්ගේ අවශ්‍යතා මත වැයපස ඉහළ යයි. සුළුවෙන් හෝ හදිසි ලාභ ලැබීමකට හේතුයි. නව නිර්මාණ ඇරඹීමට ශුභයි. උගතුන්ගෙන් උදව් උපකාර ලබයි. උෂ්ණ රෝග මතු කරයි.

Date: 2023-05-17

ජය අංකය: 02
ශුභ වර්ණය: රන්වන්
Qries

මිථුන

ලිපි ලේඛන ක්‍රියා, නව නිපැයුම් ඇරඹීමට ශුභයි. මහජන ප්‍රසාදයට පත් වෙයි. විදෙස් ගමන් සඳහා යොමු වීමට හේතුයි. අන් අයගෙන් උදව් උපකාර ලබයි. තම ව්‍යාපාරවල වැඩි දියුණුවක් ඇති කරයි. සෙම් රෝග, උෂ්ණ රෝග මතු වේ.

Date: 2023-05-17

ජය අංකය: 06
ශුභ වර්ණය: කොළ
Qries

කටක

ක්‍රියාකාරකම් බහුල වේ. මහජන ප්‍රසාදය දිනයි. පොදු සේවා, සමාජ සත්කාරක ක්‍රියාවන්හි යෙදේ. වෙළහෙළදාම්වලින් පැහැදිලි ජයක් මතු කරයි. හදිසි ධන ලාභ ලැබීම්වලට හේතුයි. මුත්‍රා ආසාදන රෝග මතු කරයි.

Date: 2023-05-17

ජය අංකය: 04
ශුභ වර්ණය: රෝස
Qries

සිංහ

කෙටි ගමන් බිමන් යෙදේ. දවසේ වැඩ කටයුතුවල අධික වීමක් පෙනේ. අසල්වැසි සබඳතා වර්ධනය වෙයි. දහමට ලැදිව ක්‍රියා කරයි. උදරාබාධ රෝග මතු කරවන දිනකි. විනෝද ජනක ක්‍රියාවන්හි යෙදෙන දිනකි.

Date: 2023-05-17

ජය අංකය: 01
ශුභ වර්ණය: තැඹිලි
Qries

කන්‍යා

දවස සාමාන්‍යයි. අතරමඟ නතර කළ වැඩ කටයුතු ඉදිරියට කරගෙන යෑමේ ශක්තිය ඇති වෙයි. ව්‍යාපාරවල ද පැහැදිලි දියුණුවක් පෙනේ. සෙම් කෝප රෝග, පෙනහළු රෝග සාදයි. දහමට ලැදිව ක්‍රියා කරයි.

Date: 2023-05-17

ජය අංකය: 06
ශුභ වර්ණය: තද කහ
Qries

තුලා

ගමන් බිමන් වැඩිපුර යෙදෙන අතර නිශ්ඵල ගමන් ද යෙදේ. කාලය හා ධනය වැය වන දිනකි. නවක මිතුදම් ඇති වෙයි. බඩවැල් ආශ්‍රිත රෝග මතු කරයි. හදිසි ධන ලාභ ලබයි.

Date: 2023-05-17

ජය අංකය: 07
ශුභ වර්ණය: සුදු
Qries

වෘශ්චික

ඉතා සුළුවෙන් වුව ද තම නිවස උත්සවශ්‍රීයාවක් මතු කරයි. අන්‍යොන්‍ය සබඳතා වර්ධනය වෙයි. මිල මුදල් වැය වේ. අවිවේකී දිනකි. සන්ධි ප්‍රදාහ රෝග, ඉදිමුම් රෝග සාදයි.

Date: 2023-05-17

ජය අංකය: 09
ශුභ වර්ණය: දුඹුරු
Qries

ධනු

සුළුවෙන් වුවත් ගමන් බිමන් මත කාලය හා ධනය අනවශ්‍ය ලෙස වැය වෙයි. තම ඥාතීන්ගේ අවශ්‍යතා මත කටයුතුවල යෙදෙන දිනකි. සෙම් කෝප රෝග, උෂ්ණ රෝග මතු කරයි. මහජන ප්‍රසාදයට පත්වන දිනකි.

Date: 2023-05-17

ජය අංකය: 01
ශුභ වර්ණය: කහ
Qries

මකර

ශුභවාදී මතු කරයි. තම ඥාතීන් අතර ප්‍රධාන වෙයි. සුළුවෙන් හෝ ප්‍රීතිසාද වැනි දේවල්වලට සහභාගි වීමේ අවස්ථා යෙදේ. ස්නායු මත රෝග වාත රෝග මතු කරයි. විනෝද ගමන් ද සඳහා වැයපස ඉහළ යන දිනකි.

Date: 2023-05-17

ජය අංකය: 08
ශුභ වර්ණය: තද දුඹුරු
Qries

කුම්භ

ගමන් බිමන් බහුල දිනකි. පොදු සේවා, සමාජ සත්කාර ක්‍රියා ආදියෙහි යෙදේ. තම ඥාති මිත්‍රාදීන් ඒකරාශීව කටයුතු කරයි. අමතර ලාභ ලැබීම් වෙයි. සෙම් ආශ්‍රිත රෝග, පෙනහළු රෝග මතු කරයි. දහමට ලැදිව ක්‍රියා කරයි.

Date: 2023-05-17

ජය අංකය: 05
ශුභ වර්ණය: නිල්
Qries

මීන

සාමාන්‍ය ලෙසින් දවස ගෙවයි. සුළු සුළු ගමන්වල යෙදේ. අසල්වැසියන් සමග සුහදතා වර්ධන ක්‍රියාවන්හි යෙදේ. තරමක් වැයපස ඉහළ යයි. ආමාශ ගත රෝග, ආහාර විෂවීම් ද ඇති වේ.

Date: 2023-05-17

ජය අංකය: 03
ශුභ වර්ණය: දම්
Share This

COMMENTS

Wordpress (0)
Disqus (0 )