වසන්ත ඇතුළු 8ක් අද අධිකරණයට

වසන්ත ඇතුළු 8ක් අද අධිකරණයට

කැලණිය විශ්වවිද්‍යාලය ඉදිරිපිට පැවැත්වූ විරෝධතාව අතරතුර අත්අඩංගුවට ගත් අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ ඇතුළු ශිෂ්‍ය ක්‍රියාකාරීන් 8 දෙනෙකු අද මහර මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත බව පොලීසිය පවසයි.

කැලණිය විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමය විසින් එම විශ්වවිද්‍යාලය ඉදිරිපිට සිදුකළ විරෝධතාවය අතරතුරදී පොලීසිය විසින් මෙම පිරිස ඊයේ රාත්‍රියේ අත්අඩංගුවට ගෙන තිබුණි.

මෙම උද්ඝෝෂණය අතර තුළ උණුසුම් තත්ත්වයක් ඇතිවූ අතර එහිදී පොලිස් නිලධාරීන් දෙදෙනෙකුද තුවාල ලැබීය.

අයුතු ජනරාශියක සාමාජිකයින්ව සිටිමින් පොලිස් නිලධාරීන්ට පහරදී තුවාල සිදුකිරීම, රාජකාරියට බාධා කරමින් කලහකාරී ලෙස හැසිරීම යන චෝදනා යටතේ මෙම පිරිස අත්අඩංගුවට  ගෙන තිබේ.

Share This