සුපිරි 4 දෙනාගේ වටයේ ඉන්දු – ශ්‍රී ලංකා තරඟය අද

සුපිරි 4 දෙනාගේ වටයේ ඉන්දු – ශ්‍රී ලංකා තරඟය අද

ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි සිව්දෙනාගේ වටයේ ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර තරඟය කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී අද (12) 3.00 ට ආරම්භ වීමට නියමිතය.

ශ්‍රී ලංකා පිල සුපිරි සිව්දෙනාගේ වටයේ පළමු තරගයේදී බංග්ලාදේශය පිල ලකුණු 21කින් පරාජය කිරීමට සමත්වුණි.

එමෙන්ම, ඊයේ පාකිස්තාන කණ්ඩායමට එරෙහිව පැවැති තරගය ලකුණු 228කින් ජයගැනීමට ඉන්දීය කණ්ඩායම සමත් විය.

ඒ අනුව, දෙපිලම අද තරගයට පිවිසෙන්නේ ජයග්‍රාහී මානසිකත්වයෙනි.

ශ්‍රී ලංකා පිල අද තරගය ජය ගතහොත් ඔවුන් මෙවර ආසිායනු කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලබනු ඇත.

තරගය අද පස්වරු 3ට කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී ආරම්භ වීමට නියමිතය.

Share This