web hit counter
චාමර ගැන සුබ ආරංචියක්

චාමර ගැන සුබ ආරංචියක්

අසනීප තත්ත්වයක් හේතුවෙන් කළුබෝවිල රෝහල වෙත ඇතුළත් කර ප්‍රතිකාර ලබන ජනප්‍රිය ගායන ශිල්පී චාමර වීරසිංහගේ සෞඛ්‍ය තත්ත්වය සුව අතට හැරෙමින් පවතින බව රෝහල් ආරංචි මාර්ග පවසයි.

මීට දින කිහිපයකට පෙර අසනීප තත්ත්වයක් හේතුවෙන් ගායන ශිල්පී චාමර වීරසිංහ මහතා කළුබෝවිල රෝහල වෙත ඇතුළත් කෙරුණි.

එහිදී රෝගී තත්ත්වය උත්සන්න වීම හේතුවෙන් ඔහුව එම රෝහලේ දැඩිසත්කාර ඒකකය වෙත ඇතුළත් කර තිබුණි.

මේ අතර මෙම සිදුවීම වාර්තාවීමත් සමග චාමර වීරසිංහ මහතාගේ රසික රසිකාවියන් විශාල ප්‍රමාණයක් කළුබෝවිල රෝහල වෙත පැමිණීමට පටන් ගැනීමත් සමග එහි ගැටලුකාරී තත්ත්වයක් ඇතිවිය.

ඒ සමගම රෝහල සහ චාමර වීරසිංහ මහතාගේ පවුලේ ඥාතීන් ආදරණීය රසික රසිකාවියන්ට කාරුණිකව දැනුම්දුන්නේ ඔහුව බැලීමේ අරමුණින් කළුබෝවිල රෝහල වෙත නොපැමිණෙන ලෙසත් ඔහුගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව ඉදිරියේදී දැනුම්දෙන බවත්ය.

Share This

COMMENTS

Wordpress (0)
Disqus (0 )