කඩවත වෙඩි තැබීමක්

කඩවත වෙඩි තැබීමක්

කඩවත – දවටගහවත්ත ප්‍රදේශයේ ඊයේ (18) රාත්‍රියේ දී සිදුකළ වෙඩිතැබීමකින් තුවාල ලැබූ පුද්ගලයෙකු රාගම රෝහල වෙත ඇතුළත් කර තිබේ.

වෙඩි ප්‍රහාරයෙන් තුවාල ලබා ඇත්තේ කඩවත සූරියපාළුව ප්‍රදෙශයේ පදිංචිව සිටි 50 හැවිරිදි පුද්ගලයෙකි.

ඔහු නිවස අසල මාර්ගයේ රැඳි සිටිය දී ඔහුගේ වැඩිමහල් සහෝදරයෙකු හා පුත්‍රයා සමඟ පැමිණි තවත් පුද්ගලයෙකු මෙසේ වෙඩි තබා එම ගිනි අවියෙන් ම අදාළ පුද්ගලයාට හා ඔහුගේ බිරිඳට පහර දී තිබෙන බවයි වාර්තා වන්නේ

මෙම වෙඩිතැබීම සම්බන්ධයෙන් තුවාල ලැබූ පුද්ගලයාගේ සහෝදරයා, සහෝදරයාගේ පුත්‍රයා සහ තවත් පුද්ගලයෙකු සැකපිට අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය පවසයි.
.
මූලික පොලිස් විමර්ශනවල දී අනාවරණය වී ඇත්තේ, ඉඩම් ආරවුලක් හේතුවෙන් මෙම වෙඩි තැබීම සිදු කර ඇති බවයි.

 

Share This