සාමාන්‍ය අවසන් කළ සිසුන්ට පාසල තුළම වෘත්තීය පුහුණු පාඨමාලාවක්

සාමාන්‍ය අවසන් කළ සිසුන්ට පාසල තුළම වෘත්තීය පුහුණු පාඨමාලාවක්

සාමාන්‍ය පෙළ විභාගය අවසන් කළ සිසුන්ට වෘත්තීය පාඨමාලාවක් හැදෑරීමේ අවස්ථාවක් ලබාදීමට ඉදිරියේ දී කටයුතු කරන බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේම්ජයන්ත් මහතා පවසනවා.

අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ, කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ පැවති ලංකා ජර්මන් කාර්මික අභ්‍යාස ආයතනයේ ඩිප්ලෝමා හා සහතිකපත් ප්‍රදානය කිරීමේ අවස්ථාවට සහභාගී වෙමින්.

උසස් පෙළ හැදෑරීම සඳහා ප්‍රතිඵල අපේක්ෂාවෙන් මාස තුනක පමණ කාලයක් සිටින සිසුන්ට පාසල තුළදීම මෙම පාඨමාලාව ‌යොමු විය හැකි බවයි අමාත්‍යවරයා පැවසුවේ.

එමගින් සිය ඉදිරි වෘත්තීය ජීවිතය පිළිබඳ යම් සාක්ෂරතාවක් සිසුන්ට ලබාගත හැකි බවද අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේම්ජයන්ත් මහතා පැවසුවා.

Share This