ගාලු පාරේ ගමන් ගන්නා රියැදුරන්ට දැනුම් දීමක්

ගාලු පාරේ ගමන් ගන්නා රියැදුරන්ට දැනුම් දීමක්

සීනිගම දේවාලයේ වාර්ෂික මහා පෙරහර හේතුවෙන් අද (01) සිට ලබන 04 වනදා දක්වා එම ප්‍රදේශය ආශ්‍රිත ගාලු පාරේ රථවාහන ධාවනය සීමා කිරීමට තීරණය කර තිබේ.

ඒ අනුව ගාල්ල දෙස සිට කොළඹ දෙසට ගමන් ගන්නා රථවාහන තදබදයක් ඇති නොවන අයුරින් අවස්ථානුකුලව පෙරහැර ගමන් ගන්නා මාර්ගය ඔස්සේම යොමුකිරීමට නියමිතය.

කෙසේ වෙතත් කොළඹ දෙස සිට ගාල්ල දෙසට ගමන් ගන්නා රථවාහන මීටියාගොඩ පොලිස් වසමේ කහව හන්දියෙන් හරවා මිටීයාගොඩ, කිරළගහවෙල හන්දියෙන් වමට හරවා අලුත්වල, සරණ හන්දිය, ගෝනපීනුවල හතරමංහන්දිය හරහා කුමාරකන්ද හන්දිය ඔස්සේ ගාලු පාරට පිවිසිය හැකි බව පොලිස් මූලස්ථානය පවසයි.