සටන් විරාමයකට ඊශ්‍රායලය සහ හමාස් සංවිධානයේ එකඟත්වය

සටන් විරාමයකට ඊශ්‍රායලය සහ හමාස් සංවිධානයේ එකඟත්වය

දකුණු ගාසා තීරයේ සටන් විරාමයකට එකඟතාව පළකර ඇති බව රොයිටර්ස් පුවත් සේවය පවසනවා

පැය කිහිපයක් පවතිනු ඇති බවට විශ්වාස කෙරෙන මෙම සටන් විරාමයේ නිශ්චිත කාලසීමාව පිළිබඳව පැහැදිලි නොමැති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

ඇමරිකා එක්සත් ජනපදයේ සහ ඊජිප්තුවේ මැදිහත් වීමෙන් එම තාවකාලික සටන් විරාමය සඳහා ඊශ්‍රායලය සහ හමාස් සංවිධානය එකඟතාවය පළකර ඇති බව සඳහන්.

රොයිටර් පුවත් සේවය පැවසුවේ සටන් විරාමය පස්වරු 06:00 ට ආරම්භ වීමට නියමිත බවයි.

ඒ, අනුව ගාසා හි සිවිල් වැසියන්ට ආරක්ෂිතව එම භූමියෙන් ඉවත්වීම සඳහා ඊජිප්තුව සහ ගාසා තීරය අතර රෆා දේශසීමාව තවත් පැය කිහිපයකින් විවෘත කිරීමට නියමිත බවයි වාර්තා වුණේ.